ර/ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මධ්‍ය මහා විද්‍යාලයේ ඉතිහාසයෙන් බිඳක්...
1815 උඩරට ගිවිසුම අතිසන් තැබුවායින් පසු 1856 වන තුරු ම අප රට භාවිතා කළේ ඉංග්‍රීසි භාෂාවම ය. එදා මෙදාතුර ඉංග්‍රීසි උගතුන්, වියතුන්, වැදගතුන් මහෝශාක්‍යන් ලෙසින් සමාජයේ කැපී පෙනුන නිසා උසස් පෙළ අසළක හෝ තැන ලද්දෝ ඉංග්‍රීසි උගතුන් වූහ. 1940 පමණ වන තුරු මෙකී උසස් කුලයට හැකි සබඳකම් දැක්විය හැකි ඉංග්‍රීසි උගත් අය බළන්ගොඩ පෙදසින් ද අවුලා ගත නොහැකි නොවූ එදා අතෙහි ඇඟිලි වලන් දැක්විය හැකි තරම් වූ සංඛ්‍යාවකි. එයට තුඩු දුන් කරුණු අතරින් වැදගත් ම වනුයේ මෙපෙදෙසින් සාමාන්‍ය පොදු ජනතාවට ඉංග්‍රීසි උගැන්මට තරම් මහා විද්‍යාලයක් නොමැති වීම ය.
එදා මෙහි ජනතාව පන්ති දෙකකට බෙදී තිබිණි. එනම් ඉතා පොහොසත් ධනපති පෙළ හා ඉතා දුප්පත් ගොවි කම්කරු පෙළ ලෙසය. මධ්‍යම පන්තිය නැති තරම් වූ අතර සිටි ටික දෙනා ද උසස් පෙළ අයගේ රශ්මි කදම්බයට යට වී ඉතා අමාරුවෙන් හිස එසවීමට තනමින් සිටියෝ ය.
1940 වනතුරු එකී මැද පෙළේ ජනයා හා ගොවි කම්කරු පන්තියේ ජනයාට ඉංග්‍රිසි ඉගෙනීම තරම් රුචියක් තිබුණ ද එයට මගක් සිහිනිදු සිතිය නොහැකි විය. විදුහලක් අරබා පොදු ජනයාට ඉගැන්වීමට තරම් හැකියාවක් හා පින් ඇතිව සිටි ඉහළ පෙළේ පින්වත්හු එබදුදෙයක් ගැන අදහස් දැක්වීම පවා නොරිස්සූහ.
එහෙත් මෙම අවධිය වන විට අද මෙන් එදත් සකල ජනතාව කෙරෙහි පහළ කරුණා ගුණැති මහාචාර්ය ගරු බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිපාණන්ගේ සිත් තුළ ද ප්‍රාදේශීය ඉංග්‍රීසි විද්‍යාලයක් ඇතිකිරීමේ අදහස පැළ වී වැඩී මුහුකුරා ගොස් පැවතුණි. උන්වහන්සේ 1941 ජූලි 8 වැනි අඟහරුවාදා මිරිස්වත්ත ධර්මානන්ද ශ්‍රී පිරිවෙනෙහි පැවති මහා සංඝ සභාවක දී මෙම ප්‍රදේශයට ඇති ඉතාම ලොකු අඩු පාඩුවක් වන ඉංග්‍රීසි පාසලක් නැතිකමේ අඩුව ගැන ප්‍රකාශයක් කළ සේක. එදා එක් රැස්වූ මහා සංඝයා වහන්සේ මෙම ශ්‍රේෂ්ඨ අදහස අනුමත කළ නමුත් ඉන් ඉදිරියට පියවරක් ගැනීමට ඉදිරිපත් වූවෙක් නොවේ.
එතැන් සිට 1942 ජූලි 27 වන දින දක්වා සිය හිතට නැංවුණු මෙම ශ්‍රේෂ්ඨ අදහස මුදුන් පමුණුවාලීමෙහිලා දිවා රෑ වෙහෙසුණු මුන් වහන්සේ, ප්‍රදේශයේ වැදගත් ප්‍රභූන් සෑම අයෙකුට ම මේ බැව් දැන්වූහ.
කෙසේ හෝ තාවකාලික ගොඩනැගිල්ලේ වැඩ අවසන් විය 1943 ජූලි මස 5 වැනි දින ප්‍රදේශවාසීන් හා ජනතාවගේ ආශිර්වාදය මැද බට ලීයෙන් තනා කොළ සෙවිලි කළ බිම ගොම පිරිබඩ කළ ශාලාවක් තුළ ළමයින් විසි දෙනකුගෙන් යුත් මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද ඉංග්‍රීසි විද්‍යාලය නමින් මෙම බලංගොඩ මහා විද්‍යාලය බිහිවුණි.
ගරු ආනන්ද මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ කළමනාකරු වශයෙන් අරඹන ලද මෙම ඉංග්‍රීසි විද්‍යාලයේ පළමුවෙනි විද්‍යාලායාධිපති වශයෙන් කේ. වයි. රඹුක්වැල්ල මහතා පත් කරන ලදී. දින කීපයකට පසු කේ. සාසනසිරි හිමියන් විද්‍යාලයාධිපති කමට පත් කරන ලද්දේ 19 දින දී ය. අප නායක හිමිපාණන් ශ්‍රේෂ්ඨ පරමාර්ථය මුදුන්පත් විය. විද්‍යාලයේ කටයුතු දිනෙන් දින දියුණුව කරා යන ශ්‍රේෂ්ඨ පරමාර්ථයකින් යුතු ලකුණු පහළ විය. නමුත් මේවා පවත්වාගෙන යාමේ ලා නා නා මාදිලියේ කම්කටොළු ගැහැට එතුමන් ඉදිරියේදී හරස් විය.
අස්ථිර ගොඩනැගිල්ල නිසා එය පවත්වා ගැනීමට, ගුරුවරුන්ට පඩි ගෙවීම ආදී දිනපතා ඉදිරිපත් වන ගැටලු වලට නො අඩු ප්‍රමාණයක් අභ්‍යන්තර වශයෙන් ද පැන නගින්නට වී මහත් දුෂ්කරතා මධ්‍යයේ මෙය පවත්වාගෙන ගිය මෙතුමන් හට මහත් රුකුලක් වූයේ 1944 මැයි 10 වැනි දින විදුහල්පති ධූරයට පත්ව ආ ආර්. අලගියවන්න ශූරින් දවල් නොතකා නියම ආත්ම පරිත්‍යාගයෙන් යුතුව මහත්මයෙකු ලෙසින් අලගියවන්න මහතුන් මෙම විද්‍යාලයට කෙතරම් ළංව ලැදිව කටයුතු කළේ ද යත්, අලගියවන්න නමත් ධර්මානන්ද විද්‍යාලයක් ගසට පොත්ත මෙන් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. ධර්මානන්ද විද්‍යාලය බලංගොඩ විද්‍යාලය නමින් ප්‍රසිද්ධියට පත් විය. මෙතුමන් විසින් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිය ලත් ජේ. ඒ. මැන්ඩිස් මැතිතුමන් 1945 දෙවැනි මාසයේ පළවෙනි දින මෙහි අධිපති වශයෙන් පත්විය.
මෙම කාලය වන විට තාවකාලික ගොඩනැගිල්ලේ තත්ත්වය හීන වෙමින් පැවැතිණි. කළමනාකාර ස්වාමීන් වහන්සේ සුමනජෝති නාහිමියෙනුත් ගැටලුවේ ධම්මරතන හිමියනුත් ආචාර්ය මණ්ඩලයත් ප්‍රදේශ වශයෙනුත් එක්ව මේ ගැන සාකච්ඡා කරන ලදුව ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ සූදානමක‍් යෙදී විශාල ධනයක් මේ සඳහා වැය කිරීමට සිදු වූ නමුත් ප්‍රදේශවාසීන් ලොකු කුඩා සැදැහැතියන්ගේ නොමසුරු ආධාරය පිණිස ලැබිණි. 1946 වර්ෂය වන විට මෙම ඉංග්‍රීසි විද්‍යාලය මහලු වී සිටි වල් සෙවිලි කළ ශාලාවට ආයුබෝවන් කියා අඩි අසූවක් පමණ ඇති රමණීය විද්‍යාල ශාලාවට ඇතුළු විය. මේ කාලයේ දී දීර්ඝ ධර්ම දූත සේවයක යෙදුනුවස් කළමනාකාර ගරු ආනන්ද මෛත්‍රෙය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඉන්දියාව බලා වැඩම කළ සේක. එසේ ගිය උන්වහන්සේ විද්‍යාලයේ කළමනාකාර ධුරය ගරු බලංගොඩ සුමනජෝති නායක ස්වාමීන්ද්‍රයන් වෙත පවරා යන ලදී.
දිනෙන් දින මසින් මස ප්‍රගතිය කරා වේගයෙන් දිවයන මෙම විද්‍යාපීඨය 1945 මැයි පළවෙනි දින කනිෂ්ට ද්විතීය විද්‍යාලයක් ලෙස ලියා පදිංචි කරමින් රජය, රජය අතට පවරා ගැනිණි. 1952 ජූනි 27 වන දින රජයෙන් ඉදිකරන ලද තවත් විශාල ගොඩනැගිල්ලක් විවෘත කරන ලදී.
1952.07.11 වෙනි දින එන්. ආර්. රාමචන්ද්‍ර සූරීන් විද්‍යාලයේ අධිපති වශයෙන් පත්ව පැමිණීමෙන් පසුව විද්‍යාලය අමුතු ප්‍රාණවත් භාවයක් ලබා සීඝ්‍රයෙන් දියුණු වන්නට පටන් ගැනිණි. 1954 ජුනි මස දී ඩී. එස්. ඉද්දමල්ගොඩ මහතුන්ගේ අධිපතීත්වය ලත් විද්‍යාලය ඉන් ලැබුවේ අමුතුම ආලෝකයකි. දිනෙන් දින ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවීම නිසා ගොඩනැගිලිවල ඉඩකඩද මදිවිය. කිරිමැටිතැන්න ග්‍රාම සංවර්ධන සමිතියේ සහාය ඇතිව එතුමන් විසින් ගොඩනැගිල්ලක් ඉදි කර ගත්තේ රජයෙන් ලත් සහන ආධාරයෙනි. විදුහලට ඉහමත් සේවයක් කළ එතුමන් ගේ ජීවිතය වැඩි කාල පරිච්ඡේදයක් මෙම විද්‍යාලය හා එකට ගැටී පැවැති බැව් පවසනුයේ ඉමහත් සතුටකිනි. 1956 මැයි මාසයේ සිට 1957 අවසාන වාරය දක්වා විද්‍යාලයාධිපති වශයෙන් ඩයස් මහතා සේවය කරන ලදී. එතැන් සිට 1956 දක්වා නන්දසේන මහතා වැඩබලන විද්‍යාලයාධිපති වශයෙන්ද සේවයේ යෙදිණි.
1958 ජනවාරි මාසයේ සිට නව ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීමේ දර්ශනීය අගනා ගොඩනැඟිල්ලක විද්‍යාගාරයක් පිහිටුවීම, කලක සිට අර්බුදයක් ව පැවති ක්‍රීඩා පිටිය සඳහා අක්කර තුනහමාරක් ලබා ගැනීම හා අක්කරයක පමණ ක්‍රීඩා පිට්ටනියක් ඉදිකරගැනීම, උසස් පාඨශාලා සහතික පත්‍ර පන්තියක් ආරම්භ කිරීම, මහා විද්‍යාලයක් බවට පත්වීම, රණකෙළි භට හමුදාවක් ඇති කිරී,ම අත්‍යවශ්‍ය අංගයක් වන ළිඳක් බැඳගැනීම, ක්‍රීඩා අතින් මහත් කීර්තියක් ලබා ගැනීම ආදී ශ්‍රේෂ්ඨ වෙනස්කම් රාශියක් මේ කාලයේදී ඇතිවිය.
පසුව ර/ බලංගොඩ මහා විද්‍යාලය නමින් හඳුන්වන ලද මෙම පාසල 1978 වර්ෂයේ දී තවත් ඉදිරියට ගමන් කළේය ඒ ර/ බලංගොඩ මධ්‍ය මහා විද්‍යාලය බවට පත්වීමයි. එවක මෙහි නියම වූයේ මිගෙල් රත්න විදුහල්පතිතුමා ය. 1984 වර්ෂයේ සිට 1986 දක්වා විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන ලද්දේ ඒ මහතා ය. 1986 දී මෙම විද්‍යාලයට පත්වූ විදුහල්පති ජී. පූජාදාස මහතාගේ කාලයේදී අධ්‍යාපන අංශයේ සුවිශාල ගුණාත්මක දියුණුවක් ඇති වූ අතර 1989 දී පත් වූ විදුහල්පති ඊ. ඩබ්ලිව්. එස්. ආනන්ද සිරිවර්ධන මහතාගේ කාලයේ අධ්‍යාපනික භෞතික සෑම අංශයකින්ම සීඝ්‍ර සංවර්ධනයක් ඇති වූවා පමණක් නොව 1993 දී දෙසැම්බර් 22 වෙනි දින විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කෙරිණි. එතුමා මෙම විද්‍යාලයේ අවුරුදු පහළොවක් පමණ කාලයක් විදුහල්පති වශයෙන් කටයුතු කළේ ය. 2002 වර්ෂයේ දී මෙම පාසල බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මධ්‍ය මහා විද්‍යාලය නමින් නම් කරන ලදී.
මෙහි සේවය කරමින් සිටි විදුහල්පති එම්. ජී. රණසිංහ මහතා 2010 වර්ෂයේ විශ්‍රාම ලැබූ අතර මෙතෙක් මෙම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කළ ආර්. එන්. යසරත්න මහතා 2010 ජූලි 22 වැනි දින සිට විදුහල්පති ලෙස වැඩ භාර ගන්නා ලදී. ඒ මහතා මෙම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර පාසලේ භෞතික හා ගුණාත්මක සංවර්ධනය සඳහා සැලසුම් සහගතව කටයුතු සිදු කරන ලදී.
2017 හත්වෙනි මාසයේ 26 වෙනි දින එතුමා විශ්‍රාම ගන්නා ලදී. ඉන්පසුව නියෝජිත ඒ. ජී. අනුර ඒකනායක මහතා හා නියෝජ්‍ය විදුහල්පති ඩී. එස්. මල්ලිකාරත්න මහත්මිය තාවකාලිකව වැඩ බැලූ අතර ජී. ආර්. ද සිල්වා මහතා 2017 දොළොස් මස 26 වෙනි දින විදුහල්පති ධූරයේ වැඩ භාර ගන්නා ලදී. ඒ මහතා පාසලේ භෞතික හා ගුණාත්මක සංවර්ධනය සඳහා සැලසුම් සහගතව කටයුතු ආරම්භ කර ඇත.
අවංක ශ්‍රේෂ්ඨ උත්තමයාණන් කෙනෙකුගේ සිත් තුළ උපන් මෛත්‍රිය සහගත පරම පවිත්‍ර චේතනාවක ප්‍රතිඵලයක් ලෙසින් බලංගොඩ ප්‍රදේශයට කප්රුක බඳු බලංගොඩ ආනන්ද මෛත්‍රිය මධ්‍ය මහා විද්‍යාලයට ලබන 2018 වර්ෂය වන විට වසර 75 ක් සපිරෙයි. ලෝක වාර්තාවක් පිහිටවූ ශ්‍රේෂ්ඨයන්ට ජන්මභූමිය වීමේ වාසනාව ලත් මෙම බලංගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධානතම විද්‍යාපීඨය වන බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මධ්‍ය මහා විද්‍යාලය අනාගත අගමැතිවරුන්, ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින්, මහා පඩි රුවන් බිහි කිරීමේ තෝතැන්නක් ම වේවා.
|
ආරම්භ කළ වර්ෂය |
1943 ජූලි මස 5 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
02 |
|
මුල් ගුරුතුමාගේ නම |
කේ.වයි. රඹුක්වැල්ල මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ආනන්ද මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ර/ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මධ්‍ය මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
කේ.වයි. රඹුක්වැල්ල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1945 මැයි පළවෙනි දින |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මිරිස්වත්ත |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1943 ජූලි මස 5 |
