නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ආනන්ද මෛත්‍රෙය ජාතික පාසල

දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල සබරගමුව පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.
වර්තමානයේ තොරතුරු තාක්ෂණයට හිමි වන්නේ ඉතා ඉහල වටිනාකමකි. වෙබ් අඩවියක් මගින් පාසල තුල සිදුවන වැදගත් සිදුවීම්, දෙස් විදෙස් සියලු ප්‍රජාවට දැනුවත් කිරීමට, එනම් තොරතුරු සන්නිවේදනය කිරීමට අවස්ථාව හිමි වේ.
"විශ්වයට විශිෂ්ටයන් බිහි කිරීම" දැක්ම කරා යන ගමන් මාර්ගය වන්නේ, එනම් අපගේ මෙහෙවර ''තොරතුරු තාක්ෂණය පදනම් කරගත් නිර්මාණශීලීය ඉගෙනුම් ක්‍රියාවලියක් තුළින් විෂය සමගාමී ක්‍රියාකාරකම්වලට මුල්තැන දෙමින් අනාගත ලෝකයට විශිෂ්ටයන් සඳහා වූ මග නිරාවරණය කිරීමයි''
එබැවින් දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම උපයෝගී කරගෙන තොරතුරු තාක්ෂණ විෂයභාර ගුරුවරුන් දරුවන් එම දැක්ම කරා ගෙනයාමට මඟ පෙන්වීම සිදුකිරීම ඉතා ප්‍රශංසනීයයි.
දෙස් විදෙස් රටවල් වල වෙසෙන කීර්තිමත් ආදි ශිෂ්‍යයින් අප පාසලේ මෙම අනර්ඝ වූ කර්තව්‍යයේ සාර්ථකත්වය කරා පිය මැනීමට අප වෙබ් අඩවිය හා සම්බන්ධ වනු ඇතැයි අපගේ ප්‍රාර්ථනාවයි.
නියෝජ්‍ය විදුහල්පති,
ර/ ආනන්ද මෛත්‍රෙය ජාතික පාසල