ආනන්ද මෛත්‍රෙය මධ්‍ය මහා විද්‍යාලය
2019 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල තුළින් සබරගමු පළාතේ විශිෂ්ටතමයා
(ප්‍රථම ස්ථානය) බවට පත්කරලීම වෙනුවෙන් ඇප කැප වෙමින් දරුවන් මෙහෙය වූ ආචාර්ය මණ්ඩලය අගයනු වස් සංවිධානය කළ සහතික ප්රදානෝත්සවය ඊයේ (පෙබරවාරි මස 25 දා) විද්‍යාලයීය ප්‍රධාන රැස්වීමේ දී සිදු විය.
විදුහල්පතිතුමාගේ සහ නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ මඟපෙන්වීම යටතේ 2018/2019 වර්ෂයේ 10/11 අංශ ප්‍රධාන රුචිරංග අල්මේදා ගුරුතුමා විසින් මෙය සංවිධානය කර තිබුණි.
ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද සිදු වූ මෙහි විශේෂ අවස්ථාවක් ලෙස,
මේ අභිමානවත් කර්තව්‍යය වෙනුවෙන් උරදුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ රමීර සහ දිල්ශාන් යන මහත්වරු ද විශේෂ ඇගයීමට ලක් කළහ.