තාක්ෂණයේ දියුණුවත් සමග දිනෙන් දින සාහිත්‍ය පොතපත
පරිශීලනයෙන් ළමා පරපුර ඈත්ව යන මෙවන් යුගයක සාහිත්‍ය පොත් පත් රචනා කරමින් පාසල වෙනුවෙන්, සහෝදර සිසු සිසුවියන් වෙනුවෙන් පරිත්‍යාග කළ ඔබ අපට සම්පතකි.
නමින් කෝදාගොඩ ගමගේ අදීෂ සඳරු 8 E පන්තියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබයි. ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය හදාරන සහ ඉංග්‍රීසි දන්නා සමහරෙක් තම මව් භාෂාව පසෙක ලා ඉංග්‍රීසි භාෂාව පමණක් ප්‍රගුණ කිරීමට, භාවිත කිරීමට පෙළඹෙන මෙවන් යුගයක ඔබගේ ක්‍රියාව විශිෂ්ට ආදර්ශයකි.
තාත්තා මට කී කතා
බුද්ධ චරිතය බුදු වෙන තාක්
ෆයර් මෑන්
කාඩ් කින්ග්
ලයන් මාස්ටර්
යන අදීෂ සඳරු රචනා කළ පොත් පෙළ පාසල් පුස්තකාලයට පරිත්‍යාග කිරීම ඊයේ පාසලේ ප්‍රධාන රැස්වීමේ දී සිදු විය.
අදීෂගේ පන්ති භාර ගුරුතුමිය දිලිනි ගුණතිලක මහත්මිය, විදුහල්පතිතුමා සහ නියෝජ්‍ය විදුහල්පතිතුමිය මේ අවස්ථාවට එක් වූහ.