පසුගිය කොරෝනා පාසල් නිවාඩුව ආශිර්වාදයක්
කරගත් අනඳ මෙත් සේයාරූ සංසදය ඵලදායි අධ්යාපනකටයුත්තක නිරත විය.අනඳ මෙත් සේයාරූ සංසදය, සිය තෙවැනි ඇස අවදි කරමින් දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඔප්නැංවීමට කටයුතු කළේ ය.
ඒ නිශ්චල ඡායාරූපකරණය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම සංවර්ධනය කිරීම වෙනුවෙන් Online පුහුණු පාඨමාලාවක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙනි. මාස තුනක් පුරාවට වයස් කාණ්ඩ තුනක් යටතේ, WhatsApp Group තුනක් යොදා ගනිමින් මෙය සිදු කරන ලදි. කොරෝනා නිවාඩුවට අර්ථවත් වටිනාකමක් ලබා දීමට එමගින් හැකියාව ලැබුණි.
අප පාසලේ ආදි ශිෂ්‍ය ශෙනාල් විලේගොඩ ප්‍රධාන, ජ්‍යෙෂ්ඨ සිසුන් කිහිප දෙනෙකුගේ දැඩි
කැපවීම මෙම පාඨමාලාව සාර්ථක කරගැනීමට බෙහෙවින් ඉවහල් විය.
කොරෝනා නිවාඩුවෙන් පසු පාසල් ආරම්භ කිරීමත් සමග පාඨමාලාවට සම්බන්ධ වූ සියලු දූ දරුවන් වෙනුවෙන් ලිඛිත පරීක්ෂණයක් ද පැවැත්වීමට කටයුතු කෙරුණි.
ඒ අනුව අනඳ මෙත් සේයාරූ සංසදය මගින් ක්‍රියාත්මක කළ මෙම පළමු පාඨමාලාව සාර්ථකව අවසන් කළ දූ දරුවන් වෙනුවෙන් සහතික ප්රදානෝත්සවය පසුගිය දා (2021.04.05) විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී සිදු විය.
පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍ය අසේල මල්ලිකාරත්න මහත්මා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කැඳවනු ලැබීය. ඊට හේතුව අප පාසලට, අනඳ මෙත් සේයාරූ සංසදයට අත්‍යවශ්‍යව පැවැති වටිනා කැමරාවක් පාසල වෙනුවෙන් පරිත්‍යාග කරමින් අනඳ මෙත් සේයාරූ සංසදයට නව ජීවයක් ලබා දීමට එතුමා කටයුතු කිරීමයි.
එමෙන්ම අසේල මල්ලිකාරත්න මහත්මාණන්, අනඳ මෙත් සේයාරූ සංසදයේ සාර්ථක වැඩ පිළිවෙළ අගය කරමින් තවත් වටිනා කැමරාවක් අනඳ මෙත් සේයාරූ සංසදය වෙත ලබා දෙන බවට ද සහතික ප්‍රදානෝත්සවයේ දී පොරොන්දු විය. එය අනඳ මෙත් සේයාරූ සංසදය ලැබූ තවත් සුවිසල් ජයග්‍රහණයකි.
තම පාසල වෙනුවෙන් නොමසුරුව යුතුකම් ඉටු කරන ආදි මෛත්රෙයයන් අතර ඔබ අපට සුශේෂි පුද්ගලයෙකි. අපි එය, හදපිරි සතුටින් යුතුව මෙසේ සටහන් තබමු.
එමෙන්ම මෙම සියලු ජයග්‍රහණ සහ සාර්ථකත්වයන් සඳහා මඟ කියා දුන් අනඳ මෙත් සේයාරූ සංසදය භාර රුචිරංග අල්මේදා ගුරු පියාණන් හා ඊට සහයෝගය දැක් වූ ප්‍රීතිකා ඒකනායක ගුරු මෑණියන් ද ඉතා ගෞරවයෙන් සිහිපත් කරමු.